චීන හමුදාවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයට රෝබෝ යන්ත්‍ර 18 ක්

චීන හමුදාවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයට රෝබෝ යන්ත්‍ර 18 ක්

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොන්ග්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී අදාළ උපකරණ භාර දීම කෙරිණි.

චී ෂෙන්හොන්ග් මහතා සහ ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් උපකරණ පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් තැබිණි.

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති REOD 4000 නමැති රෝබෝ යන්ත්‍ර 18 ක් (REOD 4000 Explosive Ordnance Disposal medium robots) පුපුරණ ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා රැගෙන යාමේ විශේෂ හැකියාවක් ඇති රථ 18 ක් ( REOD 400 Explosive Ordnance Disposal robots), පුපුරණ ද්‍රව්‍ය වලින් ආරක්‍ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා 10 ක් (ten Anti Explosive Blankets), පුපුරණ ද්‍රව්‍ය වලින් ආරක්‍ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණයේ රථ 10 ක් (Explotion Protection Tanks) සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ තොගයක් මෙම උපකරණ තොගයට ඇතුලත්ය.

ඒවා යුද හමුදාධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.

Share This