දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 19 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 19 වන බදාදා

රාහු කාලය
12:16 pm – 1:50 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බව මත අතපසුවීම්වලට හේතුයි. අන් අයගේ විවේචනයට හේතු කරුණු යෙදේ. ඉවසීමෙන් තීන්දු තීරණවල යෙදිය යුතුය. තම ආර්ථිකයේ වර්ධනයට හේතු ගෙනදෙයි. සිරසගත රෝගද මතු කරයි.

Date: 2023-07-18

ජය අංකය: 01
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ගමන් බිමන්වලදී ප්‍රවේශම මැනවි. ඇසුරු කරන්නන් නිසා සිත් චංචල කරවන ප්‍රශ්න මතුවේ. ඉඩකඩම් පිළිබඳ ආරවුලක් යහපත් ලෙස විසඳේ. භූමි වස්තු ලාභ ගෙනදෙයි. තෘප්තිමත් දිනකි. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2023-07-18

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

දුරදිග බලා ක්‍රියාකළයුතු දිනකි. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වෙයි. කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න දෙන බැවින් සෘජුගුණයෙන් පිහිටා ක්‍රියාකළ යුතුය. යටපත්ව තිබූ සතුරු බලපෑම්ද ඉස්මතු වීමට ඉඩ තිබේ. ඉදිමුම් රෝග, ආම වාත රෝග මතු කරයි.

Date: 2023-07-18

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාශීලී දිනකි. සතුරු බලපෑම් යටකරගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇති කරවයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට හේතුයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප කරවන ප්‍රශ්න මතුවේ. බඩවැල් රෝග අර්ශස් රෝග මතු කරයි.

Date: 2023-07-18

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ව්‍යාපාරික ස්ථාන වල බාධා මතු කරයි. සතුරු බලපෑම් මත මනසට අවිවේකය මතු කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-07-18

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරන අතර ප්‍රීති උත්සව සුහදතා වර්ධන ක්‍රියා ආදිය යෙදේ. පොදු ජන සේවා කටයුතු ප්‍රචාරක කටයුතු ආදියෙහි යෙදෙන අතර හා අත්හදාබැලීම්වලට හේතුයි. සෙම් රෝග සාදයි.

Date: 2023-07-18

ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභවාදී ඵල මතු කරයි. දුරගමන් යෙදේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකී රක්‍ෂාවල යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-07-18

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. දුරදිග නොබලා ක්‍රියාකිරීමෙන් තරමක් අවාසි සිදුකරගනී. සුහද හමුවීම් සම්මුඛ සාකච්ඡා ආදියට හේතුයි. කලබලකාරී දිනකි. නවක මිතුදම් ඇතිවෙයි. පාදවල ආබාධ මතු කරවයි.

Date: 2023-07-18

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තම අභිමතයට වැඩකිරීමෙන් සතුරු බලපෑම් වර්ධනය වෙයි. සිත් කලකිරීම් ඇතිකරවන ක්‍රියාවන්හි යෙදේ. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. තම වෙළෙඳ ව්‍යාපාර වල තරමක අවාසි ගෙනදෙයි. සිරසගත රෝගද දෙයි.

Date: 2023-07-18

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ගමන් බිමන් අධික වන අතර වැයපසද නොසිතූ ලෙස ඇතිවෙයි. ප්‍රේම සබඳතා වලට බාධා එල්ල වෙයි. ඇසුරු කරන්නන් සමඟ කතාවේදී ප්‍රවේශම් වීම් මැනවි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. සෙම් කෝප රෝග දෙයි.

Date: 2023-07-18

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

රාජකාරිවලදී කැපී පෙනෙයි. අමතර වැයවීම් මත ණයතුරුස්වලට හේතු බැවින් බුද්ධිමත් වීම මැනවි. වාදවිවාදවීම් ශුභවාදී නොවේ. දහමට ලැදිව ක්‍රියාකරයි. හදිසි ධන වාසනා ලබයි. ආමාශගත රෝග මතු කරයි.

Date: 2023-07-18

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

වෙළෙඳ ව්‍යාපාර වලින් තරමක් ජය අත්වෙයි. තම ශක්තියෙන් කරන ක්‍රියාවන් ජයවෙයි. රාජකාරි ස්ථාන වල කැපී පෙනෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයවෙයි. සන්ධි රෝග ඉදිමුම් රෝග මතු වේ.

Date: 2023-07-18

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ