“රිදියගම සෆාරි උද්‍යානයේ මස් ජාවාරමක්”

“රිදියගම සෆාරි උද්‍යානයේ මස් ජාවාරමක්”

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

බුද්ධික පතිරණ මහතා මෙසේද සඳහන් කළේය.

සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙක් හඬපටයක් සමාජ මාධ්‍යට නිකුත් කරලා තිබුණා. මේක ඇතුළේ සතුන් මස් කරලා විකුණනවා කියලා. ඒක ඇතුළේ අයථා කටයුතු සිදුවෙනවා කියල. හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරියත් ඊටම සමාන ප්‍රකාශයක් මීට කලින් කරලා තිබුණා. රිදියගම සෆාරි උද්‍යානය ගැන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා.

අපි ඒ ගැන සොයා බලන්නම්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

මේක මට අදාළ කාරණයක් නොවේ. වනජීවී ඇමැතිතුමියට අයිති කාරණයක්.මම දන්න තරමින් එතුමිය මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා.සිද්ධිය ගැන වාර්තාවක් එතුමිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.

Share This