උ/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ අවසන් තීරණය අද

උ/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ අවසන් තීරණය අද

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවය.

මේ අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් නොමැතිව ඇතැම් විෂයන්වල උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කළේය.

Share This