web hit counter
ස්ත්‍රීන් සහ ළමුන් දූෂකයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි

ස්ත්‍රීන් සහ ළමුන් දූෂකයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි

දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත් ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හඳුන්වාදීම පිණිස 2021-1-18 සහ 2121-6-28 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )