තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

ඉකුත් 05 වනදා රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (16) අලුයම පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

සැකකාර රාමායියා ජෙයරාජ් නැමැත්තා සපුගස්කන්ද ගෝනවිල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලා ඇත.

ඒ අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෙඩි කා මියගිය සැකකාර පුද්ගලයාගේ සිරුර කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබු අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී 43 හැවිරිදි මාළු ව්‍යාපාරිකයා, බිරිඳ හා දරු දෙදෙනා නිවසේ සිට ඇති නමුත් කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව තිබුණේ නැහැ.

Share This