රේගු වැඩවර්ජනය අත්හිටුවයි

රේගු වැඩවර්ජනය අත්හිටුවයි

රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ඒ, ජනාධිපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මැදිහත්වීමෙන් රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව, රේගු කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.