අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ හමුවෙයි

අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ හමුවෙයි

අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමා) පිළිරුව ඉදි කිරීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමිය සකසමින් සිටියදී උන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව අහඹු ලෙස හමු වී තිබේ.

සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රථම පිළිරුව ස්ථාපනය කිරීම සඳහා නව ඉදි කිරීම් කටයුතු කරමින් පැවතියදී පසුගිය පළමුවැනිදා මෙම භස්මාවශේෂ මංජුසාව හමු වූ බව අග්‍රශ්‍රාවක ධාතු තේවා වන්දනාව භාර අම්බුලගල සුමංගල හිමියෝ පැවසූහ.

මෙම භස්මාවශේෂ මංජුසාවට මේ වන විට වසර අනූවක් පමණ වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මංජුසාව තැන්පත් කර අභිනවයෙන් ඉදි කරනු ලබන සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව ස්ථානගත කරන බව සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Share This