දරුවා ප්‍රාණ ඇපයට දුෂණය කලැයි කී කාන්තාව ගැන වෛද්‍ය වාර්තාවෙන් හෙළි වූ දේ

දරුවා ප්‍රාණ ඇපයට දුෂණය කලැයි කී කාන්තාව ගැන වෛද්‍ය වාර්තාවෙන් හෙළි වූ දේ

තරුණයන් තිදෙනෙකු විසින් තම සිව් මසැති දරුවා ප්‍රාණ ඇපයට ගෙන තමාව දූෂණය කළ බවට පූගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (26) දිනයේ දී පොලීසියට කළ පැමිණිලිල්කට පසු සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ බවයි පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් එම සැකකරුවන් කාන්තාවක් දූෂණයට ලක් කළ බවට ශරීර ලක්ෂණ නොමැති බවයි, වෛද්‍ය වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ.

දූෂණයට ලක්වූ බව කියන කාන්තාව මේ වනවිට ගම්පහ මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන අතර ඇය දූෂණයට ලක්වී ඇද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පැමිණිල්ල සිදුකළ කාන්තාව මාස කිහිපයකට පෙර මානසික ආබාධ තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවද කාන්තාවගේ සැමියා පොලීසියට පවසා තිබෙනවා.

තම සිව් මසැති දරුවාට මව් කිරී දෙමින් සිටිය දී නිවසට පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් තම දරුවා ප්‍රාණ ඇපයට ගෙන තමන් දූෂණය කළ බවට පූගොඩ පැපිලියවල අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක්දරු මවක් පොලීසියට පැමිණිලි කර තිබුණා.

එහිදි ඇය පොලීසිය පවසා ඇත්තේ, තම සැමියා රැකියාවට ගිය අවස්ථාවේදී නිවසට ඇතුලු වූ ඔවුන් තම බිළිඳා පැහැරගෙන පොළවේ ගසා මරාදමන බවට තර්ජනය කළ අතර පසුව තිදෙනා විසින්ම අවස්ථා කිහිපයකදී තමාව දූෂණය කළ බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් එක් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 21 හැවිරිදි තරුණයින් වන අතර ප්‍රදේශයෙන් පලා ගොස් සිටින තරුණයා 25 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

Share This