web hit counter
දින 25 ක් අතුරුදන්ව සිටි තරුණියන් දෙදෙනා හමුවූ තැන

දින 25 ක් අතුරුදන්ව සිටි තරුණියන් දෙදෙනා හමුවූ තැන

දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නැවතී සිටියදී අද උදෑසන පොලීසිය භාරයට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

කුරුණෑගල නගරයේ කොරියානු භාෂා පන්තියකට යන බව පවසා ගිය තරුණියක් සිය මිතුරිය සමග අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ මාපියන් ගලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව, ඔවුන් සොයා ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේය.

මාධ්‍ය මගින් ප්‍රචාරය වු තරුණියන් දෙදෙනා මාතර උයන්වත්තේ නිවසක සිටින බවට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතා වෙත ලද තොරතුරකට අනුව ඔවුන් පොලීසිය භාරයට ගෙන තිබේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )