ලංගම විශේෂ බස් රථ සේවාව හෙට සිට

ලංගම විශේෂ බස් රථ සේවාව හෙට සිට

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවන බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකට බස් රථ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා කීය.