සිසුවියන් තිදෙනෙකුට අතවර කිරිමට තැත්කළ ගුරුවරයෙකු අත්අඩංගුවට

සිසුවියන් තිදෙනෙකුට අතවර කිරිමට තැත්කළ ගුරුවරයෙකු අත්අඩංගුවට

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල ප්‍රදේශයේ දමිල පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කිරිමට තැත් කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විද්‍යාව ගුරුවරයාව අද (15) සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසිය.

වසර පහක පමණ කාලයක් එම පාසලේ විද්‍යාව ගුරුවරයා වශයෙන් සේවය කල සැකකාර ගුරුවරයා පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික බලපැම් කරමින් එස්.එම්.එස් කෙටි පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බවත්, එම කෙටි පණිවිඩ වලට පාසල් සිසුවියන් පිලිතුරු නොයැවීම නිසා එම සිසුවියන් පන්ති කාමරය තුල වාඩි වී සිටින පුටුව මත තම යෝජනාවට එකගද යනුවෙන් ලියා තිබු බව අගතියට පත් පාසල් සිසුවියන් විසින් වටවල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇති බවයි, පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

44 හැවිරිදි සැකකාර ගුරුවරයා දෙදරු පියෙකු වන බවත්, එම සැකකරු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසිය.

Share This