ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අද(10) අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 77වන වියේ පසුවුණි.

1947 අප්‍රේල් 07 වන දින උපත ලැබූ ඒ.ඩී රංජිත් කුමාර මහතා, ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසුරියගේ සැමියා මෙන්ම නුවන් නයනජිත් කුමාරගේ පියාණන්ද වනවා.

සරසවිය හා සරසි පුවත් පතේ කතුවරයා වශයෙන්ද කටයුතු කළ මෙතුමා දශක 6කට වැඩි කාලයක් සිනමා කලා සාහිත්‍ය ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයනු ලැබුවා.