ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට පාර්ලිමේන්තුවේදී

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට පාර්ලිමේන්තුවේදී

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය .

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි හෙට (8) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද ජනපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

Share This