අස්වැසුම අභියාචනා සහ විරෝධතා කාලය අදින් අවසන්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා කාලය අදින් අවසන්

අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් (10) අවසන් වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළව අභියාචනා අට ලක්ෂ තිස්පන්දහසක් සහ විරෝධතා එකොළොස්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

අද පස්වරුවට පෙර සිය අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන්නැයි, අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි වසර සඳහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී යළි අයදුම්පත් කැඳවීමක් සිදු කරන බවයි.