web hit counter
පොලිස්පතිගේ සේවා දිගුව ගැන ජනපති ගත් තීරණය

පොලිස්පතිගේ සේවා දිගුව ගැන ජනපති ගත් තීරණය

ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ට ලබාදුන් සති 3 ක සේවා දිගුවට අනුමැතියදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ.‍

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ (17) රැස් වූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය වෙනස් කරමින් පොලිස්පතිවරයා යළි එම ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇති බව සඳහන්ය.

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ල බලා දී ඇති බව වාර්තා වේ.

ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න ට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබුණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )