ජනපති රනිල් සහ බැසිල් අතර විශේෂ හමුවක් අද

ජනපති රනිල් සහ බැසිල් අතර විශේෂ හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ හමුව සඳහා ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇති අතර මෙම හමුවට ඔවුන් දෙදෙනා පමණක් සහභාගී වන බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

විශේෂයෙන් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වන අතර ජනපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම දේශපාලන වශයෙන් වාසිදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන්ගේ මතය වී ඇති බව ද වාර්තා වේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් ද පසුගියදා සිදුවුණි.