රජ­රට සරසවියේ උප­කු­ල­පති ඇතුළු 23කට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පෙනී සිටින්නැයි නියෝග

රජ­රට සරසවියේ උප­කු­ල­පති ඇතුළු 23කට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති පත් කිරීමේ ඡන්ද විම­සී­මේදී උප­කු­ල­ප­ති­ව­රිය නීති විරෝ­ධීව සිය ඡන්දය ප්‍රකාශ කර විශ්ව­වි­ද්‍යාල පනත උල්ලං­ඝ­නය කර­මින් අදාළ පීඨ­යට පීඨා­ධි­ප­ති­ව­ර­යකු අනී­ති­කව තෝරා ගත් බවට මහා­චා­ර්ය­ව­ර­යකු විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කර ඇති මූලික මිනිස් අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් සලකා බැලූ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ව­රිය ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් 23 දෙන­කුට ලබන අගෝස්තු මස 27දා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මෙම මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මට අදාළ උත්තර සති හත­රක් ඇතු­ළත ගොනු කරන ලෙසට වග­උ­ත්ත­ර­ක­රු­වන්ට තව­දු­රටත් නියෝග කළ ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල වග­උ­ත්ත­ර­ක­රු­වන්ගේ විරෝ­ධ­තා­ ව­ලට අදාළ ප්‍රති­වි­රෝ­ධතා ඉන් දෙස­ති­යක් ඇතු­ළත ගොනු කරන ලෙස පෙත්ස­ම්කාර පාර්ශ්ව­යට නියෝග කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මෙසේ නියෝග කළේ ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චා­ර්ය­ව­ර­යකු වන මංජුල මහින්ද රණ­ගල මහතා ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා මඟින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ප්‍රීති පද්මන් සූර­සේන, කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ අචල වෙන්ග­ප්පුලි යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සැදු­ම්ලත් ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ සලකා බැලී­මෙන් අන­තු­රු­වය. ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා මඟින් සිය මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පෙත්ස­ම්කාර මහා­චාර්ය මංජුල මහින්ද රණ­ගල මහතා සඳ­හන් කළේ රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති තන­තුර සඳහා තමා සහ තවත් මහා­චා­ර්ය­ව­ර­යකු අපේ­ක්ෂ­ක­යන් ලෙස තරග කළ බවයි.

ඒ සඳහා ඡන්ද විම­සී­මක් පැවැති බවත් එකී ඡන්ද විම­සීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබා තිබුණේ රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අංශා­ධි­ප­ති­ව­රුන්, ස්ථීර කථි­කා­චා­ර්ය­ව­රුන් සහ බාහිර සාමා­ජි­ක­යන් තිදෙ­නකු බවත් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළ පෙත්ස­ම්කාර මහා­චා­ර්ය­ව­රයා අදාළ ඡන්ද විම­සී­මේදී ඡන්දය ප්‍රකාශ කිරී­මට 59 දෙනකු සුදු­සු­කම් ලබා සිටි බවත් ඉන් දෙදෙ­නකු ඡන්දය ප්‍රකාශ කිරී­මට නොපැ­මිණි බවත් එක් අයකු සිය ඡන්දය අව­ලංගු කළ බවත් සඳ­හන් කළේය.

ඒ අනුව පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාව 56ක් බව ද ස්වකීය මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම මඟින් ශ්‍රේෂ­ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන් පෙත්ස­ම්කාර මහා­චාර්ය මංජුල මහින්ද රණ­ගල මහතා එහිදී තමා සහ ප්‍රති­වාදී මහා­චා­ර්ය­ව­රයා ඡන්ද 28 බැගින් සමාන ඡන්ද ලබා ගත් බව ද කීවේය.

ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාම සමාන ඡන්ද ලබා ගත් අව­ස්ථාවේ ජ්‍යෙෂ්ඨ­ත්වය සලකා අදාළ අපේ­ක්ෂ­ක­යාට තමාගේ ඡන්දය ලබා දෙන බව පව­ස­මින් පළමු වග­උ­ත්ත­ර­කා­රිය වන රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ව­රිය සිය ඡන්දය මහා­චාර්ය සමන්ත ඒක­නා­යක මහ­තාට ලබා දුන් බවට නිවේ­ද­නය කළ බව ද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන් මහා­චාර්ය මංජුල මහින්ද රණ­ගල මහතා ඒ අනුව නව පීඨා­ධි­ප­ති­ව­රයා ලෙස මහා­චාර්ය සමන්ත ඒක­නා­යක මහතා තෝරා පත් කර ගත් බව­ටද පළමු වග­උ­ත්ත­ර­කාර උප­කු­ල­ප­ති­ව­රිය විසින් තව­දු­ට­රත් නිවේ­ද­නය කළ බව ද සැල කර සිටි­යේය.

පීඨා­ධි­පති තන­තුර සඳහා ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නකු එක හා සමාන ඡන්ද ලබා ගන්නා අව­ස්ථා­ව­කදී තමාගේ ඡන්දය ජ්‍යෙෂ්ඨත්ව සලකා ජ්‍යෙෂ්ඨ­ත්ව­යෙන් ඉහ­ළම අපේ­ක්ෂ­ක­යාට ලබා දෙන බවට ප්‍රකාශ කර සිය ඡන්දය ප්‍රකාශ කිරී­මට විශ්ව­වි­ද්‍යාල පනත ප්‍රකා­රව උප­කු­ල­ප­ති­ව­රි­යට කිසිදු නීති­මය අයි­ති­යක් නැති බව ද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට අව­ධා­ර­ණය කළේය.

මෙම අනී­තික ක්‍රියාව තුළින් රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ව­රිය විශ්ව­වි­ද්‍යාල පනත මුළු­ම­නින්ම උල්ලං­ඝ­නය කර ඇති බව ද සඳ­හන් කළේය.

මෙම මූලික අයි­ති­වා­සි­කම් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහා­චාර්ය සංජී­වනී ගිනි­ග­ද්දර, එම විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පීඨයේ පීඨා­ධි­පති මහා­චාර්ය පී.එම්.බී. ජයන්ත, කෘෂි­කර්ම පීඨයේ පීඨා­ධි­පති මහ­චාර්ය ජී. වී. ටී. වී. වීර­සූ­රිය, තොර­තුරු තාක්ෂණ පීඨයේ පීඨා­ධි­පති ආචාර්ය ටී. සී. බමු­ණු­ආ­රච්චි, වෛද්‍ය හා සමා­න්තර පීඨයේ පීඨා­ධි­පති ආචාර්ය පී. එච්. ජී. ජේ. පුෂ්ප­කු­මාර, ව්‍යව­හා­රික විද්‍යා පීඨයේ පීඨා­ධි­පති ආචාර්ය ඩබ්. එම්. එස්. ප්‍රනාන්දු, කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පීඨයේ මහා­චාර්ය ඊ. එම්. සමන්ත ඒක­නා­යක, රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ වැඩ බලන ලේඛ­කා­ධි­කාරි එස්. එච්. වයි­ස්වු­ක­රනී, ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේඛ­කා­ධි­කාරි සුදත් සංජීව යන මහත්ම මහ­ත්මීහූ සහ නීති­ප­ති­ව­රයා ඇතුළු 23 දෙනෙකි.