ශ්‍රී ලංකාව ගැන IMF විශේෂ ප්‍රකාශය අද

ශ්‍රී ලංකාව ගැන IMF විශේෂ ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් එම සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන්
විශේෂ ප්‍රකාශයක් අද (21) පස්වරුවේ නිකුත්කිරීමට නියමිතය.

අද සවස 3.00ට එම ධූත පිරිස පවත්වන මාධ්‍ය හමුවට සමගාමීව මේ ප්‍රකාශය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ආණ්ඩු පක්ෂ, විපක්‍ෂ දේශපාලන නියෝජිතයන් සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම තවත් රාජ්‍ය නියෝජිත කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා තිබේ.

මෙම ධූත පිරිසේ නායකත්වය දැරුවේ මූල්‍ය අරමුදලේ මෙරට ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා විසින් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවට සහය දක්වන වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා මෙලෙස ශ්‍රී ලංකා සංචාරයේ නිරත විය.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්‍යා ස්විරිඩ්සෙන්කා, නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් යන මහත්ම මහත්මීන් එක්ව තිබුණි.

Share This