ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.

කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඇය, වේදිකා, ටෙලි නාට්‍යය, මෙන්ම සිනමාවේද රංගනයෙන් විශිෂ්ට දායකත්වයක් දක්වනු ලැබීය.

ඇයගේ ස්වාමි පුරුෂයා වන අභාවප්‍රාප්ත ආර්. ආර්. සමරකෝන් අධ්‍යක්ෂනය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා චරිතය මගින් ප්‍රේක්ෂකයන් වෙත අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළාය.

අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Share This