ලංගම බසය පස් බැම්මක වැදී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

ලංගම බසය පස් බැම්මක වැදී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

ශ්‍රී ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ලිපිනයේ පදිංචිව සිටී බී.එච්.ටී. දිල්ශාන් නමැති 16 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය.

මතුගම ඩිපෝවට අයත් බස් රථය කෙලින්කන්ද සිට මතුගම බලා ධාවනය වී ඇති අතර , මාකෙලි ඇල්ල ප්‍රදේශයේ දී ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බැම්මක වැදී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

තුවාලකරුවන් බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

May be an image of 3 people, cablecar and train

May be an image of 4 people and text

May be an image of textMay be an image of 2 people, van and text