වසා දැමුණු පහළ කඩුගන්නාව කොටස යළි ඇරේ

වසා දැමුණු පහළ කඩුගන්නාව කොටස යළි ඇරේ

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස ගමනාගමනය සඳහා මේ වනවිට විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරන ලෙසටය.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස ඊයේ (08) පස්වරු 7.30 සිට අද (09) අලුයම 01 දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

ඒ, වැසි තත්ත්වයත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය දෙපස පවතින අවදානම් සහිත ගල් සහ ගස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භවීම හේතුවෙන්.