විදුලි ගාස්තු ගැන ඇමතිගෙන් සුබ පණිවිඩයක්

විදුලි ගාස්තු ගැන ඇමතිගෙන් සුබ පණිවිඩයක්

2024 වසරේ ජනවාරි මාසයේදී යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පුරෝකථන වෙනස්වීම හා අඛණ්ඩව වර්ෂාව ලැබීම හේතුවෙන් මෙම සහනය ලබාදීමට හැකියාව ඇති බව ඔහු පැවැසීය.

මේ වන විට ජල විදුලිය උපරිමයෙන්ම නිෂ්පාදනය වන බවත් ඒ අනුව පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලැබෙන බවයි, ඔහු පවසන්නේ.

පහුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට අඛණ්ඩව වැසි ලැබීමේ තත්ත්වයක් පවතින බවත් ඒ අනුව ගල් අඟුරු බලාගාර, දැවිතෙල්, ඩීසල් බලාගාර වලින් විදුලි උත්පාදනය කිරීම නවතා දැමීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු පැවැසීය.

ලබන වසරේ අප්‍රේල් මාසයේ මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරිමට නියමිතව තිබුණත් පුරෝකථන වෙනස්විම හේතුවෙන් ලබන වසර මුලදී විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමට රජය තීරණයක් ගත් බවද ඔහු පැවැසීය.

Share This