නාම යෝජනා භාර දුන් රජයේ නිලධාරීන්ට සහන සැලසීමට අනුමැතිය

නාම යෝජනා භාර දුන් රජයේ නිලධාරීන්ට සහන සැලසීමට අනුමැතිය

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන් රජයේ නිලධාරීන්ට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ඔවුන්ට නැවත සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි එම ඡන්ද කොට්ඨාශයෙන් පිටතට ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීමට ඉඩ සැළසෙනු ඇති.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.