දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් අද වසා දැමෙයි

දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් අද වසා දැමෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් දෙනියාය කලාපයේ පාසැල් අද (23) වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

එමෙන්ම අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල කලාපවල පාසැල් අවශ්‍යතාව මත වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය ලබා දෙන බවයි, ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඇතිවු හදිසි ආපදා තත්ත්වය මත දෙණියාය අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අද (23) දින නිවාඩු ලබාදුන් බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

Share This