15 වැනිදායින් පසු ලංකාව පුරාම සවස් කාලයේ තද වැසි.

15 වැනිදායින් පසු ලංකාව පුරාම සවස් කාලයේ තද වැසි.

මෙම 15 වැනිදායින් පසුව ලංකාව පුරාම පාහේ සවස් කාලයේදී වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.

තද වැසි ඇදහැලෙන ස්ථාන ප්‍රදේශය අනුව වෙනස්විය හැකි බවද ඔහු පැවැසීය.

දකුණු පළාතට පැවැති තද වැසි තත්වය අඩු වුවද, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අද (09) සහ හෙට (10 ) ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවද ඔහු කීවේය.

ඉදිරි දින වලදී ලංකාව පුරාම පාහේ වැසි තත්වය වර්ධනය වීමට හැකි බවද ඔහු පැවසීය..

පැයක දෙකක කාලයකින් වැසි තත්වය අවසන් වුවද, පැයක් තුළදී මිලි මීටර් 100 ක පමණ තදවැසි ඇතිවිය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීවේය.

අද නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.