බෙරගල වැල්ලවාය මාර්ගය සම්පුරණයෙන් අවහිර වෙයි

බෙරගල වැල්ලවාය මාර්ගය සම්පුරණයෙන් අවහිර වෙයි

පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (08) උදේ බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට පහළ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ දී දැවැන්ත පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි.

පෙරවරු 8.00 ට පමණ පස් කන්ද මාර්ගය මතට කඩා වැටෙන අවස්ථාවේ දී එම ස්ථානයෙන් ගිය යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු අනූ නවයෙන් දිවි බේරාගෙන ඇති බවද පොලිසිය කියයි.

ගල් පර්වත හා ගස් කොළන් සමඟ පස් කන්ද මාර්ගය මතට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ අඩි සියයකට වැඩි දුර කොටසත් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයිද පොලීසිය කියයි.

විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය මාර්ගය නම් කර ඇතැයි ද එම මාර්ගයේද නාය යාමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හාල්අටුතැන්න කිරවනාගම නිකපොත හරහා වැල්ලවාය දක්වා ඇති පටු මාර්ගයක් ද විකල්ප මාර්ගය ලෙස පොලිසිය හඳුන්වා දී තිබේ.

Share This