web hit counter
හැටන් දුම්රිය ස්ථානය තුල මගියෙක් හදිසියේම ජීවිතක්ෂයට

හැටන් දුම්රිය ස්ථානය තුල මගියෙක් හදිසියේම ජීවිතක්ෂයට

දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි මගියෙකු (02) දින හැටන් දුම්රිය ස්ථානය තුලදි මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය මුල්ගම පහල කොටසේ පදිංචිව සිටි පි.එස්.ආරුමුගම් නැමති 70 පමණ වයසැති අයෙකි.

දුම්රිය පැමිණෙන තුරු හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන මගින්ට විවේක ගැනිම සදහා සකස් කර ඇති ආසනයක් මත මෙම මගියා ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

මියගිය මගියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )