ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි

ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This