පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

අද (13) දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු – මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

සූර්යයාගේ උතුරු දෙසට වන්නට සිදුවන සාපේක්ෂ චලිතය මත, එය මේ වසරේ අප්‍රේල් 05 සිට 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද දහවල් 12.10 ට පමණ කුමුලමුනෙයි, මුරිකන්ඩි, කෙරිදමඩු සහ තන්නියත්තු යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන්ව පවතින බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

Share This