පළාත් කිපයකට අද 2න් පසු ගිගුරුම් සහිත වැසි

පළාත් කිපයකට අද 2න් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

මීට අමතරව, නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

මේ අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.