ජානකී සිරිවර්ධනට ඇප

ජානකී සිරිවර්ධනට ඇප

කොළඹ – කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වකර්ස් චතුරශ්‍රයේ මහල් නිවාස සාදා අවසන් කර භාර නොදීම සහ ඒ වෙනුවෙන් ගෙවූ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහිව ගැනුම්කරුවන් විසින් ගොනු කළ නඩුව ඊයේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණි.

එහිදී, විත්තිකරුවන් වන අදාළ ඉන්දිය සමාගමේ අධ්‍යක්ෂක අමිත් කට්‍යාල් සහ එම සමාගමේ දේශීය අධ්‍යක්ෂකවරිය වන ජානකී සිරිවර්ධන නඩුවට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි පියවර ගැනුනේ.