නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි

නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි

කොළඹ නෙළුම් කුලුණෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

සීමාසහිත කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම නිවේදනය කළේ, හජ් උත්සවය වෙනුවෙන් මෙය සිදු කරන බවයි.