web hit counter
අදත් පළාත් කිහිපයකට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි

අදත් පළාත් කිහිපයකට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි

දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )