web hit counter
පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )