බස් ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය

බස් ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය ආකාරයෙන්ම බස් ගාස්තු සංශෝධනය මාසිකව සිදුකිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ඉල්ලීම් කරන බවයි ඔහු එහිදී කියා සිටියේ.

ඊයේ (01) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ සුදු ඩීසල් මිල රුපියල් 10.00කින් ඉහළ ගියා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62.00කින් ද මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා