web hit counter
සවස් කාලයේ පළාත් රැසකට තද වැසි

සවස් කාලයේ පළාත් රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වඩා වැඩි තරමක් තද වැසි ඇතිවේ.

බස්නාහිර දකුණ සහ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පක් ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට උදෑසන කාලයේදී තරමක මීදුම් තත්ත්වයක් පැවැතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )