දැරියක් කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල් අත්අඩංගුවට

දැරියක් කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල් අත්අඩංගුවට

ආණමඩුව, ප්‍රදේශයේ කුඹුරක කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්‍රල්වරයකු ආණමඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර 24 වන පාබල සේනා මුලස්ථානයේ රාජකාරි වල නිරතව සිටින 38 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ද සිටින යුද හමුදා කොප්‍රල්වරයකු බව පැවසේ.

මෙම දැරිය පාසල් ගොස් නිවසට පැමිණ පසුව සවස නිවස ආසන්නයේ වූ කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටියදී ඒ ආසන්න මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකාර කොප්‍රල් වරයා දැරිය සමග මුලින් සුහදශිලි බවක් දක්වා කතා බහ කර ඇති බවත් ඉන් පසුව එකවරම දැරිය ආසන්නයේ කැලෑවට රැගෙන යාමට කටයුතු කර ඇති බවත් පොලිස් විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

තම වැඩිමහල් සොයුරිය කිසිවකු විසින් ඇදගෙන යනු දුටු කුඩා සොහොයුරා එම මෙහොතේම තම මවට කෑගසා පවසා ඇති බවත් ඉන් පසුව මව දැරිය සොයා කෑගසමින් විලාප තැබිමත් සමග සැකකාර යුද හමුදා කොප්‍රල්වරයා දැරිය අතහැර දමා වෙනත් දිශාවකින් පැන ගොස් ඇති බවත් කියයි.

සැකකාර කොප්‍රල්වරයා දැරිය කැලෑවට ඇද ගෙන යාම නිසා දැරියගේ සිරුර පුරා තුවාල සිදුව ඇති බවද කියයි.

කෙසේ වෙතත් අදාල සිද්දිය ආණමඩුව පොලිසියට කඩිනමින් පැමිණිලි කිරීමත් සමග දැරිය විසින් සැකකරුගේ හැඩරුව පැවසිමත් සමග පොලිස් කණ්ඩායමක් විසින් කඩිනමින් අදාල සැකකරු හදුනාගෙන අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.