ෆේස්බුක් හි පළකරන අදහස් සීමා කිරීමේ තීරණයක්

ෆේස්බුක් හි පළකරන අදහස් සීමා කිරීමේ තීරණයක්

ෆේස්බුක් හි හිමිකරු විසින් මෙටා ආයතනය ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිළිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබේ.

එහිදී අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් (Default settings) වල වෙනස් කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පහසුකම හරහා යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය (Follow) කරන්නන්ට පමණක් අදහස් පලකිරීමට අවසර හිමි වෙයි.

එමෙන්ම පරිශීලකයින්ට ඕනෑම වේලාවක ඉන් ඉවත් වීමට සහ සැකසීම් වෙනස් කිරීමට හැකි බව මෙටා ආයතනය සඳහන් කරයි.

Share This