සුධර්මාගේ මෙහෙකාරියගේ මරණයට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නැයි නියෝග

සුධර්මාගේ මෙහෙකාරියගේ මරණයට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නැයි නියෝග

පසුගිය මැයි මස 11 වැනිදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන සුධර්මා නෙත්තිකුමාරගේ හිටපු මෙහෙයකාරියක වූ රාජන් රාජ්කුමාරි නැමැති කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල එමෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව මත පදනම්වය.

සුධර්මා නෙත්තිකුමාරගේ මුද්දක් සොරකම් කළ බවට චෝදනා කර මැයි මස 11 වැනිදා මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ පැමිණිල්ලක් සටහනක් කිරීමකින් තොරව බව ද මූලික විමර්ශනවලින් හෙළි වී තිබිණි.

කාන්තාව මිය ගිය පසු සුධර්මා නෙත්තිකුමාර අදාල පැමිණිල්ල සටහන් කර ඇති බව විමර්ශන අංශ කීවේය. එමෙනම් මෙම මෙහෙකාර කාන්තාවට පොලිස් අත්අඩංගුවේ දී දැඩි ලෙස පහර දී ඇති බවත් ඊට කාන්තා නිලධාරීන්ද එක් වී ඇති බවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් අධිකරණයේ දී සාක්ෂි දී තිබිණි.

ඇගේ සැමියා චෝදනා කරන්නේ පොලිසිය සිදු කල පහරදීමක් හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවයි.

Share This