web hit counter
QR ගිවිසුම් උල්ලංඝණය කලැයි සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් QR නැතුවම තෙල් ගහලා

QR ගිවිසුම් උල්ලංඝණය කලැයි සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් QR නැතුවම තෙල් ගහලා

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගිවිසුම උල්ලංඝණය කළේ යැයි පවරාගෙන එම සංස්ථාව පවත්වාගෙන යන රාජගිරිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් කිව්.ආර්. කේතය භාවිත නොකරම ඉන්ධන නිකුත් කරන බව සෙසු ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති.

ජාතික ඉන්ධන කේතය හෙවත් කිව්.ආර්. කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කිරීම සහ අවම තොග නොපවත්වාගැනීම යන චෝදනා හේතුවෙන් මෙම ඉන්ධන පිරවුම්හල් සංස්ථාව පවරාගෙන ඇති අතර අද වන විට එම පිරවුම්හල් දෙකේ සමස්ත පරිපාලනය ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.

එම පිරවුම්හල් දෙකේ සේවකයන්ගෙන් කළ විමසුමකදී පැවසුවේ කිව්.ආර්. කේතය පරීක්‍ෂා කිරීමට පිරවුම්හල් දෙක සතුව ජංගම දුරකථන නොමැතිවීමෙන් කිව්.ආර්. කේත පරීක්‍ෂාවෙන් තොරව ඉන්ධන නිකුත් කරන බවයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )