ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් පෞද්ග­ලික රූප­වා­හිනී නාලිකාවට පැමිණ අසත්‍ය ප්‍රකා­ශ­යක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව් දෙනාගේ නම් පාස්කු කොමි­ෂන් සභා වාර්තාව මඟින් පුන­රු­ත්ථා­ප­නය කළ යුතු යැයි සඳ­හන් නම් ලැයි­ස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අම­ර­සිංහ මහතා එම රූප­වා­හිනී වැඩ­ස­ට­හනේ දී පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව සහ ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­ස­ය විශේෂ අව­ධා­න­ය­ක් යොමු­ක­ර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමි­ෂන් සභාවේ සට­හන් වී නොමැති බවයි.

ඒ අනුව, නැවත නැවතත් පාස්කු කොමි­ෂන් සභාවේ වාර්තාව පරී­ක්ෂා­කර බලා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහු­ගෙන් ප්‍රශ්න කර ඇත්තේ, ඔහු ඒ කළ ප්‍රකා­ශ­යට අදාළ සැක­ක­රු­වන් සිව් දෙනා ගැන පාස්කු කොමි­ෂන් සභා වාර්තාවේ සට­හන්ව ඇත්තේ කුමන පිටු­ව­ක­දැයි කියාය.

එම ප්‍රශ්න කිරී­මේදී නිසි පිළි­තු­රක් ලබා­දිය නොහැකි වූ ආචාර්ය පුන්සර අම­ර­සිංහ මහතා තහ­වුරු නොවූ පද­නම් විර­හිත ප්‍රකා­ශ­යක් රූප­වා­හිනී මාධ්‍ය­යෙන් පැව­සීම සම්බ­න්ධ­යෙන් සමාව ඉල්ලා සිටි බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

ඒ අනුව, ඔහුව අත්අ­ඩං­ගු­වට ගත් බවත් අද දිනයේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්ක­රන බවත් එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.