පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුවෙකුත් ගෙල වැල ලාගෙන මරුට

පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසුවෙකුත් ගෙල වැල ලාගෙන මරුට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා යාපනය ප්‍රදේශයේ සිට පැමිණි සිසුවෙකු මෙසේ මියගොස් තිබේ .

ඉංජිනේරු පීඨයේ සිසුන් රැඳී සිටින අක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයේ වැසිකිළිය තුළ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක ඒ බව සිසුන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී තිබේ .

පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ පේරාදෙණිය පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

Share This