ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර – ස්ප්‍රිල්යාය කැලෑබඳ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.

එහිදී යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

මාර්ගය අයිනේ මුහුණු ආවරණය කරගෙන සැගව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Share This