නව විදුලි සබඳතා සඳහා ගෙවීම් වාරික ක්‍රමයට

නව විදුලි සබඳතා සඳහා ගෙවීම් වාරික ක්‍රමයට

නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් සලසා දීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

2024 වසරේ විදුලිබල උත්පාදන සැලසුම, අයක්‍රමය, සේවාවන් වල වියදම්, විදුලිබල උත්පාදනය සදහා අවශ්‍ය වන ඉන්ධන වල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පද්ධති ඒකකය සමග සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති අවස්ථාවේ දී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

විදුලිබල මණ්ඩලයේ සෙසු සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙස උපදෙස් දුන් බවත් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.