දයා රත්නායක දිලිත්ගේ පක්ෂයට ගියා කියන කතාව බොරු

දයා රත්නායක දිලිත්ගේ පක්ෂයට ගියා කියන කතාව බොරු

සජබය සමග එක්වූ හිටපු හමුදාපති දයා රත්නායක මහතා දිලිත් ජයවීර මහතාට අයත් පක්ෂයකට සම්බන්ධ වී ඇති බවට
පැරණි ඡායාරූප යොදා ගනිමින් පළවන පුවත් අසත්‍ය බවත් එවැනි අසත්‍ය පුවත් තරයේ හෙලා දකින බවත් සඳහන් කරමින් සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මාධ්‍ය නිවේදනය සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන අතර මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ ඉදිරි මැතිවරණයකදී බිහිවන පුළුල්ම සන්ධානය සමගි ජන බලවේගය මූලික කරගනිමින් නිර්මාණය වෙමින් තිබෙන බවත්, එම නිසා මෙවැනි පදනම් විරහිත අසත්‍ය පුවත් නැවත නැවතත් සංසරණය කල හැකි බවත්‍ ය.