web hit counter
මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලි බල මණ්ඩලයට දැනුම් දීමක්

මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලි බල මණ්ඩලයට දැනුම් දීමක්

විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත, වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

අදාළ ලිපියෙන් කොමිසම, විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, ඔක්තෝබර් 18 වැනිදාට පෙර මණ්ඩලය සතු නවතම දත්ත, තමුන් වෙත ඉදිරිපත් කරන ලෙසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 4 සහ 26 යන දිනවල තමුන් වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් දත්ත, වර්තමානය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 44.7 ක් ලෙස පුරෝකථනය කර තිබුණත්, සැබෑ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 ක් බව, මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )