ජනමතය විමසන්න පක්ෂ 03ක් සමීක්ෂණ ආයතන වලට කෝටි 1000ක් ගෙවලා

ජනමතය විමසන්න පක්ෂ 03ක් සමීක්ෂණ ආයතන වලට කෝටි 1000ක් ගෙවලා

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතන වලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තාවේ.

ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා ඒ ඒ දේශපාලන පක්ෂ වලට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන ඇති අතර, ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇතැයි පැවසෙන්නේ ද එම ආයතන වලටම ය.

සමීක්ෂණ ආයතන තුනක් සමීක්ෂණ කටයුතු මේ දිනවල කරගෙන යන බව දැනගන්නට ඇත.

ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් පැවසූහ.

එසේම තමන්ට වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකා වලදී ඉදිරිපත් කර දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමද එහි තවත් අරමුණක් බව සඳහන් වේ.

Share This