පොලිස් නිලධාරියෙකු අධිකරණ පොලිස් මුර පොළතුළ වෙඩි තබාගෙන මරුට

පොලිස් නිලධාරියෙකු අධිකරණ පොලිස් මුර පොළතුළ වෙඩි තබාගෙන මරුට

මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් බව පොලිසිය පවසයි.

ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ මෙලෙස අද කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී සියදිවි හානිකරගෙන තිබේ.