ලොව වේගවත්ම විස්සයි 20 ශතකය නැමීබියාවෙන්

ලොව වේගවත්ම විස්සයි 20 ශතකය නැමීබියාවෙන්

ලොව වේගවත්ම විස්සයි 20 ජාත්‍යන්තර ශතක වාර්තාව බිඳ දැමීමට නැමීබියාවේ ‘Jan Nicol Loftie Eaton’ අද (27) සමත් විය.

ඒ, නේපාලයට එරෙහිව පන්දු 33කදී ශතකයක් ලබාගනිමිනි.

එහිදී ඔහුගේ ශතකය සදහා හතරේ පහර 11ක්ද, හයේ පහර 08ක්ද ඇතුලත් විය.

මීට පෙර පන්දු 34කදී ශතක වාර්තාව හිමිකරගෙන සිටි නේපාලයේ කුෂාල් මල්ලා ඉදිරියේ මෙම දස්කම සිදුවීම විශේෂත්වයක් විය.

මෙම තරගයේදී නැමීබියාව ලකුණු 206ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නේපාලයට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 186ක් පමණයි.

ඒ අනුව නැමීබියාව මෙම තරගය ලකුණු 20කින් ජයගත්තේය.